Click Play for the Original English Video. අවබෝධයට (Awakening) මොහොතකට පෙර පහළ වන සිතිවිල්ල | Angelo Dilullo අවබෝධය (Awakening) ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි මතු වෙන එක්තරා විදියේ සිතිවිල්ලක් තියෙනවා. මම දකින විදියට මේක හරිම නිත්‍ය දෙයක්. මේ සිතිවිල්ල, එහෙමත් නැත්නම් මේ විශ්වාසය මතු වෙනකොට, ඒක හරිම අවංක එකක් විදියටයි අපිට දැනෙන්නේ. ඔයා ඒක අත්විඳින වෙලාවට, ඒක හුදෙක් සිතිවිල්ලක් විදියට විතරක් ඔයා දකින්නේ නැහැ. ඔයා ඒ සිතිවිල්ල එක්ක අනන්‍ය වෙලා ඉන්නවා කියන්නත් පුළුවන්, ඒත් ඒක හරිම අවංක හැඟීමක් විදියටයි දැනෙන්නේ. ඒක කියන්න තියෙන වඩාත්ම අවංකම දේ විදියටයි දැනෙන්නේ. අනෙක ඒක හරිම සරල වීමත් ලොකු කුතුහලයක් ඇති කරන දෙයක්. ඒකේ තියෙන්නේ වචන හතරයි. කොහොම හරි, මම හැමවෙලේම උත්සාහ කරන්නේ මිනිස්සුන්ට ආපසු හැරිලා ඒ දිහා බලන්න උදව් කරන්නයි. ඒ කියන්නේ, ඔයාට යම් සිතිවිල්ලක්, යම් දෘෂ්ටියක්, යම් විශ්වාසයක් තියෙනවා නම්, ඒ දෘෂ්ටිය මගින් තමයි ඔයාගේ යථාර්ථය (reality), අවබෝධය (awakening), ජීවිතය, නැත්නම් ඔයා ගැනම තියෙන දැක්ම සකස් කරන්නේ. මම බලන්නේ කොහොම හරි ඒ කෙනාව ඒ දෘෂ්ටියෙන් පිටතට අරගෙන, ආපසු හැරිලා, තමන්ට හරිම අව...